Monday, May 14, 2018

ප - අකුරෙන් ගොඩනැගුණ නම්

පෙරෙන්ගියාවල
හොරණ පාදුක්ක / මහරගම මාර්ගයේ හොරණ සිට කිලෝමීටර් පහක් පමන පැමිණිවිට මෙම මංසන්දිය හමුවේ. මෙම මන්සන්දියේ සිට උඩුව ග්‍රාමය මැදින් හොරණ උසාවි සංකීර්ණය අසලින් රත්නපුර මාර්ගය සඳහා දිවෙන අතුරු මාර්ගයක් ද වැටී ඇත. 
වර්තමානයේ රත්නපුර අධිවේගී මාර්ගයේ එක් පිවිසුම් මධ්‍යස්ථානයක් මෙම මංසන්දිය අසල ස්ථාපාත කිරීම සඳහා අවශ්‍ය මුගික කටයුතු සම්පාදනය කර ඇත.

මෙම ස්ථානයට නම වැටිම පෘතුග්‍රීසි යුගය කරා දිවයන ඉතිහාසයකට හිමිකම් කියයි. පරංගියා කෝට්ටේ ගියා වගේ යන කියමන සමග මෙම ස්ථානයේ නම නිර්මාණය සඳහා දායකත්වයක් ඇති බව පැරැන්නන් පවසයි. එම ගමන සඳහා පැමිණි විජාතික පිරිස මෙම ස්ථානයේ දක්නට ලැබෙන ඇල මාර්ගය අසල ගිමන් නිවාගෙන ගමන් ආරම්භ කළ බවත් එම පුරාවෘතයන් අතර අසන්නට ලැබේ.

No comments:

Post a Comment