කබල්ලාගොඩ :-
හොරණ පාදුක්ක / මහරගම පාරේ හොරණ සිට කිලෝ මීටර් 4 ක් පමන පැමිණි විට මෙම ගම හමුවේ. මෙම ගමට නම සෑදුනු ආකාරය පිළිබද ජනප්‍රවාද
දෙකක් පවතී.
o
මෙම ප්‍රදේශයේ ඉතා ඇත අතීතයේ කබල්ලෑ සතුන් බහුලව
සිටි නිසා මෙම නම සෑදුනු බව එක් කථාවකි.
o
ක්‍රි:ව: 1505 දී ලංකාවට පැමිණි පෘතුගීසීන් ගේ
පාලන කාලයේ සිදුවූයේ යැයි කියවෙන ප්‍රවාදය දෙවන කථාව ලෙස දක්වතත් අද ද දක්නට ලැබෙන
සාක්ෂි මත බලන කළ එහි ඇති සත්‍ය තාවය වැඩිවෙයි. “පෘතුගීසි පාලන කාලයේ සිදුවූ
අකටයුතුකම් නිසා කෝට්ටේ තිබූ දන්ත ධාතූන් වහන්සේ රැගෙන නුවර දෙසට පලා ගිය අතර ඒ
සමග එම ස්ථානයේ පවත්වාගෙන ගිය පත්තිනි දේවාලයේ තිබූ පත්තිනි සළඹ රැගෙන එහි කපු
මහතා වූ කැබැලෑවා නම් පුද්ගලයා එම සළඹ ද රැගෙන මෙම ප්‍රදේශයට පැමිණ එම සළඹ සගවා
තබාගත් ප්‍රදේ‍්ශය කබලෑවා කපු මහතා සිටි ප්‍රදේශය කබල්ලෑගොඩ නම් වූවා යැයි
විස්වාශයේ පවතී. අද ද මෙම ප්‍රදේශයේ ඇති
පත්තිනි දේවාල බිමෙහි දක්නට ලැබෙන රූස්ස නාගස් වසර 500 කට වඩා පැරණි බවක් දක්වයි.
එකී කපු පරම්පරාවෙන් පැවතෙන පාර්ශවයක් මෙම ප්‍රදේශය අවට අළුත්ගේ නම් වූ වාසගමකින්
යුතුව සිටන බවද ප්‍රසිද්ධය.” (මෙම දේවාලය
කබල්ලාගොඩ ප්‍රාථමික විද්‍යාලය අසල දක්නට ලැබේ.)
§
අද මෙම ගමේ නම ලිවීමේ දී කබල්ලාගොඩ ලෙස භාවිතා
කරන නමුත් මීට වසර 40 - 50 පමන පෙරදී භාවිතා කර ඇත්තේ කැබැල්ලෑගොඩ නමිනි.
§
පසු කාලීනව
ප්‍රසිද්ධ කවියෙකු වූ මීමන ප්‍රේමතික මහතාගේ උපත ඔහුගේ නැන්දනියක ගේ නිවස
පිහිටි කබල්ලාගොඩ දි සිදුවී ඇති බව වර්ථමාන ඉතිහාස කරුණු අතරට එක්ව පවතී. අද මෙම
පැරණි නිවස දක්නට නොමැති අතර කබල්ලාගොඩ මන්සන්දියේ ඉදිකර තිබෙන කුඩා බුදු මැදුර
ඉදිරිපිට දක්නට ඇති වත්මන් ගොඩනැගිලි කීපයක් එම නිවස පිහිටි ඉඩමට අයත් භූමිභාගයට
අයත්ව තිබී ඇත. මොහු උපන් එම පැරණි නිවසේ එම පරම්පරාවේ දරුවන් ඉපදීම වෙනුවෙන්
ජනෙල් රහිත කලුවර කාමරයක් වැදුම්ගේ ලෙස භාවිතා කර ඇති බව තතු දන්නෝ පවසයි.
කිරිමැටියාව
ReplyDelete